Showing posts with label LankaGuardian. Show all posts
Showing posts with label LankaGuardian. Show all posts

Friday, December 23, 2011

නටත් රජෙක් සුරා මතින්

Nilantha Ilangamuwa
ජනරාල් ෆොන්සේකාට එරෙහි මාස තිහක සිරදඬුවම: පුද්ගලානුරුපයෙන් තොරව සන්සිදිය තේරුම් ගැනීම

නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්දියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්දිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.

නිලන්ත ඉලංගමුව

නාධිපති රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වී රටේ නැති යහපාලනයක් ගැන කතා කළද තමා සිතු පිළිගැනීම වෙනුවට සිදුවුයේ කොන් වීමටය. ඉන් හටගත් කේන්තිය මුදා හැරියේ ජනරාල් ෆොන්සේකාගෙනි. ජනරාල් ෆොන්සේකාට, "හමුදා අධිකරණය" මඟින් ලබා දුන් තීන්දුවට අනුමැතිය ලබා දෙමින් ඔහු මාස තිහක සිර දඬුවමකට යටත් කළේය. මෙම තීන්දුවේ එකම අරමුණ ජනරාල්ගේ කට වැසිමය. එය කළ හැක්කේ ඔහුගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීමෙනි. රාජපක්ෂට විරුද්ධව, ගම් මට්ටමේ ජනතාව හැකි ඉක්මනින් වෙනස් කළ හැකි පුද්ගලයා වන්නේ ජනරාල් ෆොන්සේකාය. ජනරාල් ෆොන්සේකා නොහිටියේනම් රාජපක්ෂ දැනට නටන නාඩකමටත් වඩා දෙයක් මේ වන විට නටා අවසන්ය. අපේක්ෂා කළ පරිදිම ජනරාල් හිරේ දැමීමට රාජපක්ෂගේ සිංහල අන්තවාදී බමුණු මනස තීරණය කළේය. නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්දියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්දිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.