Friday, December 23, 2011

නටත් රජෙක් සුරා මතින්

ජනරාල් ෆොන්සේකාට එරෙහි මාස තිහක සිරදඬුවම: පුද්ගලානුරුපයෙන් තොරව සන්සිදිය තේරුම් ගැනීම

නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්දියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්දිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.

නිලන්ත ඉලංගමුව

නාධිපති රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වී රටේ නැති යහපාලනයක් ගැන කතා කළද තමා සිතු පිළිගැනීම වෙනුවට සිදුවුයේ කොන් වීමටය. ඉන් හටගත් කේන්තිය මුදා හැරියේ ජනරාල් ෆොන්සේකාගෙනි. ජනරාල් ෆොන්සේකාට, "හමුදා අධිකරණය" මඟින් ලබා දුන් තීන්දුවට අනුමැතිය ලබා දෙමින් ඔහු මාස තිහක සිර දඬුවමකට යටත් කළේය. මෙම තීන්දුවේ එකම අරමුණ ජනරාල්ගේ කට වැසිමය. එය කළ හැක්කේ ඔහුගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීමෙනි. රාජපක්ෂට විරුද්ධව, ගම් මට්ටමේ ජනතාව හැකි ඉක්මනින් වෙනස් කළ හැකි පුද්ගලයා වන්නේ ජනරාල් ෆොන්සේකාය. ජනරාල් ෆොන්සේකා නොහිටියේනම් රාජපක්ෂ දැනට නටන නාඩකමටත් වඩා දෙයක් මේ වන විට නටා අවසන්ය. අපේක්ෂා කළ පරිදිම ජනරාල් හිරේ දැමීමට රාජපක්ෂගේ සිංහල අන්තවාදී බමුණු මනස තීරණය කළේය. නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්දියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්දිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.


රාජපක්ෂ නායකයෙකුට වඩා චණ්ඩියෙකි. බලය නිසා මෝහයෙන් පේලි සිටින්නෙකුට වඩා බලය නිසා උන්මන්තක තත්වයට පත් වූවෙකි. වත්මන් ලංකාව පාලනය වන්නේ සීමා රහිත බලයකින් මෝහයෙන් වේලි සිටින උන්මන්තකයෙකු යටතේය. ඔහු තමා සතු බලය රැක ගැනීම සඳහා ඕනෑම තකතීරු කමක් කිරීම තම එකම පාලන විධික්‍රමය කරගෙන තිබේ. රාජපක්ෂ හිතුවේ තමන් එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට යන විට ලෝකේ නායකයින් පුදුම වී තමන්ගෙන් "ත්‍රස්තවාදයට" එරෙහි යුද්ධය කළ ආකාරය ගැන සහ එහි ක්‍රමෝපායන් ගැන පුදුමයෙන් මෙන් තොරතුරු විමසයි කියාය. ලෝකයේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තමන් වටා පෙළගැසෙයි කියාය. වෝල් ස්ට්‍රීට් ජර්නල්, රාජපක්ෂට ලබාදුන් සාකච්චාව ගැන කතාකළේ වොෂින්ටන් නුවර සිටින රාජපක්ෂගේ තානාපති සගයා වන ජාලිය නොවේ. එනම් විදේශ අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් විසිනි. ඔවුහු වේලි සිටින අවුල පැහැදිලිය.

නමුත් රාජපක්ෂ සිතු පෙරලියක් සැබෑ ලෝකයේ සිදු වූයේ නැත. ඒ නිසා තමන් ජනරාල් ෆොන්සේකා සිර කර ඇත්තේ ඇයි දැයි ජනමාධ්‍ය අසාවි යැයි පෙර සිටම සකස් කරගත් හේතු පාඨ වලට වැඩක් වූයේ ද නැත. සිදු වූයේ රජු නටන නාඩගම දැක රටට ලෝකය හමුවේ කොන් වී සිටීමටය. තමන්ට ඇති ආර්ථික වාසි මෙන්ම තවමත් භූ දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව වැදගත් වන ආකරය ගැන සිතන ඉරාන ජනාධිපතිවරයා පමණක් රාජපක්ෂගේ සිත සතුටු කිරීමට සේයා රූ නාඩකම සඳහා ඉදිරිපත් විය. උන්මන්තකයන්ගෙනුත් වැඩක් ගැනීමට හැකි යක්ෂයින් එකලද මෙකලද මෙලොව මෙන්ම පරලොවද සිටිනවා විය හැකිය. අපට පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍යනම් එය වඩාත් හොඳින් කළ හැක්කේ අප අවට සිදුවන දෙයින්ය. රාජපක්ෂ තමාගේ කැමරාකරු සමග ගොස් අහම්බෙන් ගන්නා චායාරුප පෙන්වා පැවැත්වුයේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ හමුවීමක් යැයි ප්‍රචාරයක් ලබා දෙයි. මෙය රාජපක්ෂගේ විදේශ ප්‍රතිපත්තියේ එක් වැදගත් උපායකි. සිදුවන්නේ ගම් මට්ටමේ සිටින අයවලුන් රැවටීම මිස ඉන් රටට සිදුවන සුගතියක් නැත. අද දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ කතුවරයා ලියා ඇති අමුලික මුසාවෙන් එය වඩාත් හොඳින් පැහැදිලිය. අදාල කතු වැකියට අනුව, "ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ නිව්යෝර්ක් චාරිකාවේ දී එය චාරිකාවක් ම නො ව නිල සංචාරයක් ලෙස සටහන් කිරීම වඩා නිවැරැදි ය. තවත් විශේෂ සිදුවීම් කිහිපයක් ද දැකගන්නට ලැබිණි. පළමුවැන්න ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය හා ලොව අංක එකේ ප්‍රභූ කාන්තාව ලෙස සලකන මිචෙල් ඔබාමා මැතිනිය අතර පැවැති සාකච්ඡාව ය. දෙවැන්න අපගේ රාජ්‍ය නියෝජිතයන් හා ලෝක නායකයන් අතර පැවැති සාකච්ඡා හා සම්මන්ත්‍රණ ය. මේ සියල්ල ශ්‍රී ලංකාවට ඉතා වාසි සහගත ය." ( දිනමිණ - සැප්තැම්බර් 30) මෙය පට්ට පල් බොරුවකි. මිචෙල් මෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපති අර්යාවන් සිදු කරන සුපුරුදු සම්ප්‍රදායට සහභාගී වූ ශිරන්ති මහත්මිය, මිචෙල් සමග චයාරුපයකට පෙනීසිටීම සාකච්චාවක් ලෙස අදාල කතුවරයා විස්තර කොට ඇත. ලංකාවේ දේශපාලනයේ ඇති ඇත්ත මෙයයි.

මෙම ලියුම්කරු මීට පෙර ලිපියේදී සදහන් කළ ආකාරයෙන්ම, මෙවැනි කටයුතු රටට අයත් සීමාවට හොඳය. ඉන් පිටත සිටින අයවලුන්ට වැටහෙන්නේ එය උන්මන්තකයෙකුගේ ස්වභාවය කියාය. මෙය තමන්ගේ අසාර්ථක සංචාරයෙන් පසු ජනරාල් ෆොන්සේකාට ලබා දුන් දඬුවමෙන් ඉතා හොඳින් පැහැදිලිය.

මීට සතියකට පමණ පෙර ඉන්දියාවේ හින්දු පුවත්පතේ කතුවරයා වන එන්. රාම් තම කතුවැකිය ලියමින්, යුධ අධිකරණය දුන් තීන්දුව දේශපාලනයට අනුව තේරුම් ගැනීම සඳහා රාජපක්ෂට උපදෙස් දීමට උත්සහ කර තිබුණි. සැමදාම රාජපක්ෂ වෙනුවෙන් ලියු හෙතම 18 වන සංශ්ධනය ගැන වචනයක් නොලියා, හිටි අඩියේ අදාල යුධ අධිකරණය ගැන සටහන් කළේ රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට සමාව දෙයි කියා සිතාගෙනය. නොඑසේනම් රාජපක්ෂ ගැන හෙතමට තිබු අවබෝධයේ තරම එයය. ඔහු සටහන් කළ පරිදි මෙය එනම් ජනරාල්ට එරෙහිව යුධ අධිකරණයේ තීන්දුව රාජපක්ෂගේ මහත්මා දේශපාලනය පෙන්වීම සඳහා ඇති අවස්ථාවක් ලෙසය. නමුත් සුදු රෙදි පොරවා මිනිස් වේශය දුන් පමණින් තිරිසන් සතෙකු මනිසින් උසස් සත්වයෙකු හෙවත් මනුෂයකු කළ නොහැකිය යන ස්වභාවික විද්‍යාව හෙතම අමතක කොට ඇත. සැබවින්ම රාම්ට වඩා ලංකාවේ සිදුවන දේශපාලනය ගැන යම් ගැඹුරු අවබෝධයක් ඇති , ද ඩිකන් හැරල්ඩ් පුවත්පත , 18 වන සංශෝධනය සම්මත වීමෙන් පසු එය ලංකාවට පමණක් නොව ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රජය ලෙස සැලකෙන ඉන්දියාවටද තර්ජනයක් බව තම ප්‍රධාන කතුවැකියෙන් සඳහන් කළේය. මේ නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඉතා කල්පනාකාරීව විමසා බැලිය යුතු බව අදාල පුවත් පත සඳහන් කළේය.

සිදු වෙමින් පවතින්නේ තරජනාත්මක දේශපාලන ප්‍රවණතාවයකි. මෙය දේශීය, කලාපිය මෙන්ම ගෝලීය තර්ජනයකි. කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි බලයක් සහ මුදල් ( හොරකමෙන් ලබා ගත් දෑ හෝ) ඔබට තිබේනම් ඔබේ එකම අපේක්ෂාව ස්ත්‍රීන් සමඟ රමාණයේ යෙදිමනම්, ඔබට හැකි පමණ කාන්තාවන් සොයා ගත ගැකිය. මුදලට විකිනෙන්නන් අතර වීරයෙක් වීමටද ඔබට හැකිය. නමුත් කිසිවෙකුටක් තමන් උපත ලැබූ මාතෘ භුමිය සමඟ රමාණයේ යෙදිය නොහැකිය. එය කිරීමට ගිය අවස්ථා ලෝක ඉතිහාසයේ ඕන තරම් තිබේ. නමුත් එවැනි අස්ශිල සල්ලාලයන්ගේ අවසානය ඛේදවාචක විය. කෙනෙකු තමන්ගේ මාතෘභූමිය සමඟ රමාණයේ යෙදීමට උත්සහ කිරීම වූ කලි තමන්ට ජන්ම ලාභය දුන් මව සමඟ එවැනි කටයුත්තක් කිරීමට යන්ත දැරීමකි. එය සිදුවූයේ මිනිසා ශිස්ථාචාරගත වීමට පෙර සහ තිරිසන් ලෝකය තුළය. බලය නිසා උන්මන්තක වූවකුගේ ගොදුරක් බවට පත් වී ඇති වත්මන් ලංකාව යළිත් ගමන් කරන්නේ කුමන අවධියටදැයි තේරුම් ගැනීම එතරම් අපහසු නැත. ජනරාල්ට එරෙහි නඩු තීන්දුවට දුන් අනුමැතිය තුළ ඇති යථාර්තය වන්නේ එයයි. මෙය සමාජ සන්සින්දියක් මිස තනි පුදගලයෙකුට එරෙහිව බලය ක්‍රියාත්මක කිරීමක් නොවේ.


Nilantha Ilangamuwa

About Nilantha Ilangamuwa

Nilantha Ilangamuwa is Sri Lankan born editor and author. He is the foundering editor of Torture: Asian and Global Perspectives ( 2012-2017). He also severed as the founding editor of the Sri Lanka Guardian, an online daily newspaper from 2007-2018. He is the author of three books, Nagna Balaya, The Conflation and Lu Xun.

0 comments:

Post a Comment